Home Blog Grid Eye Care පළමු වතාවට අක්ෂි කාච (Contact Lens) භාවිතා කරන්නන් සැලකිලිමත් වියයුතු කරුණු

පළමු වතාවට අක්ෂි කාච (Contact Lens) භාවිතා කරන්නන් සැලකිලිමත් වියයුතු කරුණු

අක්ෂි කාච මින් පෙර භාවිතා කර නොමැති අයෙකුට මෙය පැළද බැලීමට ආශාවක් හෝ බියක් තිබිය හැක. මේවා පැළඳීමේ දී සහ භාවිතා කරන ආකාරය පිළිබද දැනගැනීමෙන් ඔබට විවිධ ප්‍රතිලාභ ලබාගත හැක. මෙම මාර්ගෝපදේශය මගින් විවිධ වර්ගයේ කාච සහ ඒවා භාවිතයේදී සැලකිලිමත් වියයුතු කරුණු පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක.

අක්ෂි කාච ඇස තුලට ඇතුල් කරන ආකාරය

1. අක්ෂි කාචය පැළඳීමට පෙර (Preparation)

අක්ෂි ආසාදන අවදානම අවම කිරීම සඳහා සබන් යොදා වතුරෙන් ඔබේ අත් හොඳින් සේදීමෙන් ආරම්භ කරන්න. තෙල් හෝ සුවඳ එකතු කරන ලද සබන් භාවිතකොට අත් සේදීමෙන් වළකින්න. දූවිලි අංශු ඔබේ ඇස්වලට ඇතුළු වීම වැළැක්වීම සඳහා ලින්ට් රහිත රෙද්දකින් (lint-free cloth) ඔබේ දෑත් පිසදා ගන්න.

2. කාචය සකස් කිරීම (Lens Handling)

කාචය පැළඳීමට ඔබට පුරුදු අත භාවිතා කරන්න. කාචය ඉදිරි පසට ඇති බව සහතික කර ගනිමින් එය ඔබේ ඇඟිලි තුඩ මත ප්‍රවේශමෙන් තබා ගන්න. ඇස තුලට ඇතුල් කිරීමට පෙර අක්ෂි කාච ද්‍රාවණයකින් (Contact lens solution) කාචය සෝදන්න.

3. කාචය පැළඳීමට පෙර ඇස සකස් කර ගැනීම (Eye Preparation)

ඔබගේ ඇසේ උඩු ඇහිබැම ඔබට හුරු නොමැති අතේ ඇඟිලි කිහිපයකින් උඩට ඔසවන්න. ඒ සමඟම ඔබට හුරු අතින් ඔබගේ ඇසේ යටි ඇහිබැම පහලට අදින්න. ඔබ කණ්ණාඩියක් ඉදිරිපස සිට කාච පැළඳීම වඩාත් සුදුසුය.

4. ඇස තුලට කාචය ඇතුල් කිරීම (Insertion)

කෙළින්ම ඉදිරිය දෙස බලමින් හෝ හිස ඉහළට ඔසවා ඉහළ බලමින් කාචය ඔබේ ඇස මත තබන්න. එය ඇසේ කේන්ද්‍රගතව ඇති බව තහවුරු කර ගැනීම සඳහා, කාචය ඉබේ තැන්පත් වීමට ඉඩ සලසන පරිදි සෙමින් ඇසිපිය ගසන්න.

අක්ෂි කාච ඇසෙන් ඉවත් කරන්නේ කෙසේද?

1. අත් පිරිසිදුව තබා ගැනීම (Hand Hygiene)

විෂබීජ ඇස තුලට යාම වැළැක්වීම සඳහා කාචය පැළඳීමට පෙර ඔබේ අත් හොඳින් සෝදා වියළා ගන්න.

2. නිවැරදිව කාචය හා ඇසේ පිහිටීම තබා ගැනීම (Eye Positioning)

කණ්ණාඩියක් ඉදිරිපිට සිටගෙන ඉහළ බලන්න. ඔබට පුරුදු අතේ ඇඟිල්ලෙන් ඔබේ යටි ඇහිබැම පහළට අදින්න.

3. කාචය ඉවත් කිරීම (Removal)

ඔබේ දබර ඇඟිල්ල භාවිතයෙන් කාචය ඔබේ ඇසේ සුදු පැහැති කොටසට මෘදු ලෙස ලිස්සා යාමට සලස්වන්න. ඉන්පසු ඔබේ මහපට ඇඟිල්ලත් දබර ඇඟිල්ලත් භාවිතයෙන් සෙමෙන් කාචය ඇසෙන් ඉවත් කිරීමට කාචය මඳක් තදකර ඔසවන්න. අනෙක් ඇසෙහි කාචය ඉවත් කිරීමටත් එලෙසම  කරන්න.

4. කාචය පිරිසිදු කිරීම සහ ගබඩා කිරීම (Cleaning and Storage)

සපයා ඇති උපදෙස් අනුව දිනපතා ඉවත දැමිය නොහැකි කාච (Non-daily disposable lenses) පිරිසිදු ලෙස බහාලුමක ගබඩා කර තබන්න.

අක්ෂි කාච සහ ඇස් ආරක්ෂා කරගැනීමට උපදෙස්

–  සතිපතා මඳක් උණුසුම් ජලයෙන්, කාච ගබඩාකර තබන බහාලුම සෝදන්න. සබන් යොදන්නේ නම් බේබි සබන් වැනි සබන් පමණක් පාවිච්චි කරන්න. මාස තුනකට වරක් අලුත් බහාලුමක් භාවිතා කරන්න.

– අක්ෂි කාච පැළඳීමේදී ඇස්වල කැසීමක්, වේදනාවක් පෙන්නුම් කරන්නේ නම් වහාම විශේෂඥයෙකුගේ සහය ලබා ගන්න.

– ඔබ යහපත් සෞඛ්‍ය තත්වයකින් නොසිටී නම්, විෂබීජ ඇස තුලට යාම වැළැක්වීම සඳහා කාච පැළඳීමෙන් වළකින්න.

– ඇස තුල වියළි බව වැළැක්වීම සඳහා, ඇස්වල තෙතමනය රඳවා තබන නිර්දේශිත දියර බිංදු (Rewetting drops) භාවිතා කරන්න.

– ඔබ භාවිතා කරන අක්ෂි කාච ආරක්ෂණ ද්‍රාවණ (Contact lens solution) මසකට පසු ඉවත් කරන්න. නැවත භාවිතයට නොගන්න.

–  නිදා සිටියදී  අක්ෂි කාච පැළඳීමෙන් වළකින්න.

– පිහිනීමේදී භාවිතා කරන ගොගල්ස් (Goggles) පැළඳ නොසිටින්නේ නම් අක්ෂි කාච සමඟ පිහිනීමෙන් හෝ ස්නානය කිරීමෙන් වළකින්න.

ඇස් සදහා මේකප් (Makeup) භාවිතය  සහ අක්ෂි කාච

– ඔබේ ඇසට කාච ඇතුළු කිරීමෙන් පසු ඇස් සඳහා මේකප් යොදන්න සහ විෂබීජ ඇස තුලට යාම වළක්වා ගැනීම සඳහා අත් හොඳින් සෝදන්න.

–  අක්ෂි කාච භාවිතයේදී විශේෂ ආරක්ෂිත රූපලාවන්‍ය ද්‍රව්‍ය (Hypoallergenic makeup) පමණක් හැකි සෑම විටම භාවිතයට ගැනීමට යොමු වන්න. අසාත්මිකතා ඇතිවීම වැළැක්වීමට ඇස් සඳහා නිතර ඔබ යොදාගන්නා රූපලාවන්‍ය ද්‍රව්‍ය අලුත් කරන්න.

– අක්ෂි කාච භාවිතයේදී ඇහිබැමි සහ ඇස් අතර අයි ලයිනර් යෙදීමෙන් වළකින්න.

– විෂබීජ ඇස තුලට යාම වළක්වා ගැනීම සඳහා  කාච ඉවත් කිරීමට පෙර මේකප් ඉවත් කරන්න.

– ඔබ නිසි ලෙස සෞඛ්‍ය ආරක්ෂිතව අක්ෂි කාච පැළදුවත් දිලීර ආසාදනය වීමේ අවදානමක් ඇත. එම නිසා, නිතිපතා කාච පිරිසිදු කර වෘත්තීය උපදෙස් හා නිර්දේශ අනුගමනය කරන්න.

සමාලෝචනය

දීර්ඝ කාලීනව අක්ෂි කාච පැළඳීමෙන් ලබන පුහුණුව, දැනුවත්වීම සහ ඉහත උපදෙස් පිළිපැදීමෙන්, ඔබට අක්ෂි කාච පැළඳීමට හොඳ  අවබෝධයක් ලබා ගත හැක. ඔබට අවශ්‍ය නවතම විලාසිතා හා ඇසට ගැළපෙන වර්ණයගෙන් යුක්ත අක්‍ෂි කාච මිලදී ගැනීම සඳහා ළඟම ඇති වික්‍රමාරච්චි ඔප්ටීශියන්ස් වෙත පිවිසෙන්න​.

හමුවීමක් වෙන්කරවා ගැනීමට කරුණාකර මෙය ක්ලික් කරන්න BOOK NOW 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.